එන්නත් ලබාගත් තරුණ තරුණියන් ක්ලාන්තව ඇද වැටෙයි

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ ඊයේ (21)දා පැවති කෝවිඩ් මර්දන එන්නත් ලබාගත් තරුණ තරුණියන් පිරිසක් ක්ලාන්තව ඇදවැටීමත් සමග සෞඛ්‍ය අංශ කඩිනමින් ප්‍රතිකාර ලබා දීම සිදු කළ බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවී අබේරත්න මහතා පැවසීය.

කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ මෙම කෝවිඩ් මර්දන එන්නත් ලබා දීම සිදු කර තිබුණේ වයස අවුරුදු 20 සිට 30 දක්වා පිරිසට බව කියයි.

මෙහිදී 2000කට ආසන්න තරුණ පිරිසට ලබා දීම සිදුවූ බව සොඛ්‍ය අංශ පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට මෙසේ තරුණ තරුණියන්ට කෝවිඩ් එන්නත් ලබාදීම ආණමඩුවේදී සිදු වූ බව සොඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව ආණමඩුව අවට තරුණ තරුණියෝ පිරිසක් ඊයේ (21දා) උදසත සිට කෝවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට පැමිණ සිටියහ.

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාර්යාලය මගින් සංවිධානය කර තිබූ එන්නත්කරණ වැඩපිළිවෙළට ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලිපිලේඛන කටයුතු වෙනුවෙන් සහාය ලබා දීම සිදුව තිබිණි.

කෙසේනමුත් එන්නත් ලබා ගැනීමෙන් පසු විනාඩි 20ක කාලයක් අදාළ එන්නත් මධ්‍යස්ථානයේ රැදී සිටීම දක්වා තිබූ අතර එසේ රැදී සිටි තරුණ තරුණියන් කිහිපදෙනෙකු එකවර ක්ලාන්තව ඇදවැටීම සිදුව ඇති බව කියයි.

සිද්ධියත් සමග වහාම ක්‍රියාත්මක වූ එන්නත් මධ්‍යස්ථානයේ රැදී සිටි ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවි අබේරත්න මහතා ඇතුළු සෞඛ්‍ය අංශ ක්ෂණිකව ක්ලාන්ත වූ තරුණ තරුණියන්ට කඩිනමින් ප්‍රථමාධාර ලබාදීමටත් අවශ්‍ය තවත් තරුණ දැරියකටත් සේලයින් එම අවස්ථාවේදීම ලබා දීම සිදු කරන ලදී.

ක්ලාන්ත වූ තරුණ තරුණියන් සොඛ්‍ය අංශ ලබා දුන් ප්‍රථමාධාර වලින් පසු පැයකට කාලයක් වෙන්නත් මධ්‍යස්ථානයේදී සිට ඔවුන්ගේ ඥාතීන් සමග නිවෙස් වෙත යාම සිදු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේ නමුත් අදාළ තරුණ තරුණියන් එන්නත් ලබා ගැනීමෙන් පසුව ක්ලාන්ත වීමත් සමග අදාළ ප්‍රථමාධාර ලබා දීමට සෞඛ්‍යය අංශ ක්‍රියා කළ ආකාරය පිළිබදව තරුණ තරුණියන්ට මෙන්ම ඔවුන්ගේ මව්පියන්ගේද ප්‍රශංසාවට ලක් විය.

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවි අබේරත්න මහතාගෙන් මේ පිළිබද සිදු කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ තරුණ තරුණියන් 2000කට ආසන්නෙ පිරිසකට උදෑසන සිට එන්නත් ලබා දීම සිදු වූ බවත් එයින් කිහිප දෙනකු ක්ලාන්ත වීමත් සමග කඩිනම් ප්‍රථමාධාරවලින් පසු ඔවුන් යථා තත්වයට පත්වූ බවත්ය.

ගගන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාර යටින් මතුවූ පතල..එක පතලක් පටන් ගන්නේ කඩ කාමරයකින්
03:45
Video thumbnail
විදේශගතව සැඟවී සිටින රතු නිවේදන ලැබූ සැකකරුවන් 88ක් ශ්‍රී ලංකාවට ගේනවා
04:35
Video thumbnail
ලස්සන ජීවිතය අපි ජනතාවට දෙනවා..ජනතාව කවදාවත් පරාද නෑ..හරි සතුටින් ඉන්නේ පේනවනේ
02:09
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00