AFC Banner
AFC Banner
Empty Ad

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් (වීඩියෝ හා ඡායාරූප)

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් 25 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ලැබෙන ආරංචි මාර්ග අනුව වාර්තා වන්නේ මෙම අනතුර අද (04) පෙරවරුවේ සිදු ව ඇත්තේ මාදම්පේ – ඉරට්ටකුලම ප්‍රදේශයේ දී බවයි.

අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ආ බස් රථයක ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.

තුවාල ලැබූ පිරිස මේ වනවිට හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී එම ප්‍රදේශයට වැසිබර කාලගුණයක් තිබූ බව ද මාදම්පේ පොලිසිය පවසනවා.

WhatsApp Image 2024 07 03 at 9.31.59 PM 1 1
WhatsApp Image 2024 07 03 at 9.31.51 PM 1 1 2
WhatsApp Image 2024 07 03 at 9.31.51 PM 2
WhatsApp Image 2024 07 03 at 9.31.46 PM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
11
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?