රට විරුවන්ගේ දරුවන් වෙනුවෙන් රජයෙන් මසකට 10,000ක දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රුපියල් 10,000ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දැනුම් දුන්නා.

එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශනගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීන් මේ බව සඳහන් කළා.

කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පැන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) වෙත මෙම කාරක සභාව ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු මේ බව පවසා සිටියා.

මේ අනුව විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ මාසික ආදායම ඇ. ඩො. 400ට වැඩි නම් මෙම දීමනාව හිමි වන බවත්, ඒ සඳහා මූලිකව රු. මිලියන 10ක මුදලක් වෙන් කර ඇති බවත් එම නිලධාරීන් සඳහන් කළා.

එසේම, මීට අදාළ අනුමතිය ලබා ගැනීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත්, ඉන්පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අදාළ පිළිගත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මාසිකව ගෙවීම් සිදු කළ හැකි බවත් ඔවුහු සඳහන් කළහ. වඩාත් සාධනීය පියවරක් ලෙස හඳුනාගත හැකි මෙය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිනි, අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මෙහිදී පෙන්වා දුන්නා.

පෙර පැවති කාරක සභාවේදී උපදෙස් ලබා දුන් පරිදි පොලිස් නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණු අතර මේ වන විට උපපොලිස් පරීක්ෂකවරියන් 50 දෙනෙකු බඳවා ගැනීමට සහ පොලිස් කොස්තාපල්වරියන් 2600 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව අනාවරණය විය. එසේම දමිල භාෂාව කතා කළ හැකි පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රචාරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවත්ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරිනියක් කාරක සභාවට පැවසුවා.

දමිල භාෂාව කතා කළ හැකි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුරප්පාඩු පවතින බැවින් ඒ පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ යුතු බව කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය. දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය අවසන් කළ සිසු සිසුවියන්ව මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද කාරක සභා
සභාපතිනිය මෙහිදී උපදෙස් ලබා දුන්නා.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ අනෙකුත් ආයතන සතු මෙරට ළමුන්ට අදාළ සියලු දත්ත ඒකරාශී කොට ජාතික දත්ත පද්ධතියක් සැකසීමට අදාළ ප්‍රගතිය පිළිබඳව ද කාරක සභා සභාපතිවරිය කරුණු විමසීම් කළාය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දත්ත පද්ධතියක් සැකසීමේ එම කටයුතු
මෙම වසර තුළ අවසන් කිරීමට හැකි වනු ඇතැයි ද ඇය සඳහන් කළා.

ළමා අපයෝජන සිද්ධීන්ට අදාළව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සහය වීම සහ ඉන්පසු ඇති වන තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා අදාළ සියලු ආයතන කඩිනමින් හා මනා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක විමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරුණා.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සියලු ආයතන නියෝජනය කරන නිලධාරීන් එකම කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් යුතුව කටයුතු කළ යුතු බව ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පෙන්වා දුන්නා.

කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අපයෝජන හෝ වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම හෝ වෙන යම් අඩුපාඩු පිළිබඳව ඕනෑම මොහොතක තමාට පෞද්ගලිකව දුරකථනයෙන් හෝ වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දිය හැකි හැකි බවත්, හැකි ඉක්මණින් ඒ සඳහා මැදිහත් වීමට පියවර ගන්නා බවත් කාරක සභා සභාපතිනිය පැවසුවාය.
පෙර පාසැල් ගුරු දීමනාව වැඩි කිරීම, සෑම පෙර පාසැල් දරුවෙකුටම උදෑසන ආහාරය නොමිලේ ලබා දීම සහ පෙර පාසැල් ගුරුවන්ට දායක විශ්‍රාම වැටුපක් ලබා දීම සඳහා ලබන වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය සදහන් කළා.

රජයේ රැකියාවන්හි නියුතු කාන්තාවන් ස්ථාන මාරු කිරීමේදී ඇති වන ප්‍රායෝගික ගැටලු, පෙර පාසැල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය ආදී කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

එසේම කාන්තා හා ළමා කටයුතුවලට අදාළව පවතින ගැටලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට ඉදිරිපත් කළ අතර කාරක සභාව විසින් ඒවා පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසා
අදාළ පියවර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.ඩී.ටී වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15