එක්සත් ජනපද ජනපති සටනට ඉන්දියානු සම්භවයක් සහිත ව්‍යවසායකයෙක්

ලබන වසරේ පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ සටනට ඉන්දියානු සම්භවයක් සහිත ව්‍යවසායකයෙකු ඉදිරිපත් වී සිටිනවා.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ සටනට පිවිසෙන්නේ කෝටිපති ව්‍යවසායකයෙකු සහ ”Woke, Inc” පොතේ කතුවරයා වන විවේක් රාමස්වාමි.

විවේක්, ඇමරිකාවේ ඔහියෝ හි උපත ලද අතර හාවඩ් සහ යේල් හි අධ්‍යාපනය ලබා ජෛව තාක්‍ෂණ ව්‍යවසායකයෙකු ලෙස මිලියන ගණනක් ඉපැයූ ව්‍යවසායකයෙකු බවට පත්වුණා.

“අනන්‍යතා දේශපාලනය එක්සත් ජනපදයේ මුල් බැසගෙන ඇති අතර එය එක්සත් වීමේ ප්‍රවණතාවයකට වඩා බෙදීමේ ප්‍රවණතාවයකින් පැමිණ ඇති බව පවසන විවේක් රාමස්වාමි අපට පොදුවේ ඇති දේ මත අපි ගොඩනැගිය යුතුය,” යනුවෙන් පවසයි.

ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් ඇමරිකා ජනාධිපතිවරණයට පිවිසි දෙවන ඉන්දියානු,ඇමරිකානුවා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?