එක්දින සහ 20-20 තරගාවලියක් වෙනුවෙන් පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් සහ විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

එම කණ්ඩායම ඊයේ (20) රාත්‍රී 10.00ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන්.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 23,25 සහ 28 යන දිනයන්වල දී සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය ජූලි මස 31 වනදා ආරම්භ වන අතර, දෙවන තරගය අගෝස්තු 02 දා සහ තුන්වන තරගය අගෝස්තු මස 04 වනදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20