SDIG රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් පිරිසකගේ ස්ථාන මාරුවීම් අවලංගු කරයි

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ලබාදී තිබූ ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

එලෙස ස්ථාන මාරුවීම් අවලංගු වූ පිරිස අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ද වන බවයි වාර්තා වන්නේ.

ආයතනික අවශ්‍යතා සහ විමර්ශනවල ස්වාධීනත්වය තහවුරු කිරීමේ පියවරක් ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

එලෙස ස්ථාන මාරුවීම් ලද පිරිස අතරට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ගේ නම ද ඇතුළත්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්