එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

අනතුරින් එම ත්‍රී රෝද රථයේ ගමන් ගත් අවුරුදු දෙක හමාරක් පමණ වයසැති දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බගවන්තලාව මෝරා වත්තේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ එම ත්‍රී රෝද රථයේ එකම පවුලේ පිරිසක් ගමන් කර ඇති අතර, තුවාල ලබා ඇත්තේ අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ කුඩා දරුවායි.

අනතුරෙන් ත්‍රී රෝද රථයට ද දැඩි අලාභ හානි සිදු වි ඇති අතර මේ සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
8
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?