එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

අනතුරින් එම ත්‍රී රෝද රථයේ ගමන් ගත් අවුරුදු දෙක හමාරක් පමණ වයසැති දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බගවන්තලාව මෝරා වත්තේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ එම ත්‍රී රෝද රථයේ එකම පවුලේ පිරිසක් ගමන් කර ඇති අතර, තුවාල ලබා ඇත්තේ අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ කුඩා දරුවායි.

අනතුරෙන් ත්‍රී රෝද රථයට ද දැඩි අලාභ හානි සිදු වි ඇති අතර මේ සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15