එංගලන්ත රජ පවුල දෙදරයි

බ්‍රිතාන්‍යය රජපවුලෙන් වෙන්ව සිටීමට තීරණය කර ඇති හැරී කුමරු සහ මේගන් මේ වන විට ජීවත් වන්නේ ඇමෙරිකාවේ යි.

තමන් මහත් සිත් තැවුලෙන් සිටින බවත් පැන නැගී ඇති ප්‍රශ්න හේතුවෙන් තමන් සියදිවි හානිකර ගැනීම ගැනත් සිතා බලමින් සිටි බවත් හැරී කුමරුගේ බිරිඳ මේගන් මේකල් මහත්මිය ඇමරිකානු රූපවාහිනී සේවයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශය කර තිබෙනවා. මෙම ප්‍රකාශයත් සමග එංගලන්ත රජ පවුල අර්බුදයකට ලක්ව තිබෙනවා.

මෙම රජ පවුල තුළ විශාල ව්‍යාකූලත්වයක් මතු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මින් පෙර ඔවුන් දෙපළ සහ බ්‍රිතාන්‍ය කිරීටය සම්බන්ධයෙන් යම් ගැටලු මතුවූ බව සඳහන් වුණත් ඒවා රජ මාළිගයෙන් පිටතට නොපැමිණි රහස් බවට පත්ව තිබිණි.

මේගන් කියා සිටියේ ඇගේ නූපන් පුතාගේ සමේ පැහැය පිළිබඳව ද රජ පවුලේ උදවිය නිල වශයෙන් සැලකිලිමත් වූ බවයි. හැරී කුමරුන්ගේ බිරිඳ, මේගන් මේකල්, ඇමරිකානු ජාතික කාන්තාවක් වන අතර ඇයගේ පියා සුදු ජාතිකයකු වන නමුත් මව කළු ජාතික කාන්තාවකි.

මේගන් මේකල් කළ ප්‍රකාශයන් හේතුවෙන් එංගලන්ත රජ පවුලේ අභිමානය දෙදරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඇයට සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවූයේ යයිද ඇසූ විට මේගන් පිළිතුරු දුන්නේ “ඔව්… එය ඉතා පැහැදිලියි” යනුවෙනුයි

“මට … තවදුරටත් ජීවත් වෙන්න වුවමනාවක් තිබුණේ නෑ. එය ඉතා පැහැදිලිවම, සැබෑ ලෙසින් බිය උපදවන නිරන්තර සිතුවිල්ලක් වුණා” ඇය වින්ෆ්රිට පැවසුවා.

“ඔවුන් මගේ දරුවා උපදින්න ඉන්න කොට ඔහුගේ සමේ පාට කුමක් වේවිද යන්න පවා ප්‍රශ්න කළා. මම ඒ බොහෝ අවස්ථාවලදී නිහඬ උණා. නිහඬ උණා නෙමෙයි එහෙම ඉන්න වුනා ”

“මගේ පුතා ආචි ට රජ පෙළපත ලබා නොදෙන බවටත් ඔවුන් අවස්ථා ගණනකදී ඉඟි කළා”

“ඒ කවුද කියා කියන්න මට බැහැ”  එලෙස කතාකල අය ගැන කල විමසීමකදී ඇය පිළිවදන් දිණි.

“මම මගේ මිත්තණියට (එළිසබෙත් මහරැජණ) තුන් වතාවකුත් ,පියා (චාල්ස් කුමරු)ට දෙවතාවකුත් මේ ගැන කතාකළා. දැන් මම ඒ අය එක්ක කතාබහ නවත්වලා තියෙන්නෙ. අවසන් වරට කතාකල විට මගේ පියා කීවේ සියල්ල ලියා දන්වන ලෙසයි”

හැරී කුමරු සංවාදයට එක් වෙමින් එලෙස පවසා තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42