එංගලන්තය සමඟ පළමු විස්සයි විස්ස තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු විස්සයි විස්ස තරගය අද (15) සවුත්හැම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.00 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිත්‍ය සීමිත පන්දුවාර නායක කුසල් මෙන්ඩිස් ට ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිවිම ඇත්තේ චරිත් අසලංක හටයි.