උසස් පෙළ සිසුවියකගෙන් විභාග කොමසාරිස්ට පැමිණිල්ලක්

උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය අංක 01 ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සැපයීමට පෙනී සිටි තමන්ට, එම විභාග ශාලාවේදී නිරීක්ෂකවරයකුගෙන් සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණීලි කිරීමට අසාධාරණයට ලක්ව ඇති සිසුවියක් කටයුතු කර තිබෙනවා.

අදාළ සිදුවීම ඊයේ (8) දිනයේ කැකිරාව ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක දී සිදුව ඇති අතර අසාධාරණයට ලක්වූ දියණිය සිය අදහස් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණේ මෙලෙසින්.

” මම උසස් පෙළ සදහා වාණිජ විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටිනවා. කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී තමයි මම විභාගයට පෙනී සිටින්නේ. ඒ අනුව ගිණුම්කරන විෂයට අදාල පළමු ප්‍රශ්ණ පත්‍රයට ඊයේ(08) දිනයේ අපට පිළිතුරු ලියන්න තිබුණා. එහිදී ගණක යන්ත්‍ර භාවිතා කරන්න සිසුන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසා සිසුන් ගණක යන්ත්‍ර රැගෙනවිත් තිබුණා. මමත් ඒ සදහා ගණක යන්ත්‍රයක් රැගෙන ගියා. මම රැගෙන ගියේ සැලසුම් සකස් කිරීමට නොහැකි ගණක යන්ත්‍රයක්. නමුත් විභාගය අවස්ථාවේ දී එම ශාලාවේ හිටපු නිරීක්ෂක මහත්වරු මගෙත් තවත් සිසුන් කිහිප දෙනෙක්ගෙත් එම ගණක යන්ත්‍ර ඉවත් කරන්න කටයුතු කළා. මගේ වගේම එම ශාලාවේ හිටපු තවත් සිසුන් කිහිප දෙනෙකුගේ ගණක යන්ත්‍ර ඉවත් කිරීමට එම විභාග නිරීක්ෂකවරයා කටයුතු කළා. ශාලාවේ සෙසු පිරිස් ගණක යන්ත්‍ර භාවිතා කළා. අපි දෙතුන් දෙනෙකුට තමා භාවිතා කරන්න දුන්නේ නැත්තෙ. මම මේ වතාවේ දෙවැනි වරටයි අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ. පසුගිය වසරේදීත් මම මේ විභාගයට රැගෙන ගියේ මෙම ගණක යන්ත්‍රයමයි. එහිදී ගැටලුවක් නැතුව මම ගණක යන්ත්‍රය භාවිතා . මෙවර මම විභාග නිරීක්ෂකතුමාට ඒ ගැනත් කිව්වා එහෙත් මෙවර මට එම ගණක යන්ත්‍රය භාවිතා කරන්න අවසර දුන්නේ නැහැ. අපි කිහිප දෙනාටම පිළිතුරු ලිවීමේ දී මේ නිසා අසාධාරණයක් සිදුවුණා. මට සිදුවූ අසාධාරණය ගැන මම දුක්වෙනවා. ඒ ගැන මම දෙමව්පියන්ට කිව්වා. මම මේ ගැන විභාග කොමසාරිස් තුමාටත් පැමිණිලි කලා. ඒ වගේම උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාටත්, කැකිරාව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාටත් පැමිණිලි කරලා තියෙනවා. මමත් අනෙක් සහෝදර සිසුන්ටත් සිදුවුණ මෙම අසාධාරණයට සාධාරණයක් කරලා දෙන්න කියලා තමයි මම විභාග කොමසාරිස් ජනරාල් තුමාගෙන් ඉල්ලා සිටින්නේ. “

4 3
1 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56