උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සෙවිය යුතුයි – අගමැතිනි (වීඩියෝ)

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත්, කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (02) දහවල් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය;

වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති කාමරවල දරුවන් රැඳී සිටින්නේ ඉතා අඩුවෙන්. විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ දුරට ඈත්වෙමින් සිටිනවා. කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතුයි. පූර්ව ළමා විය සංවර්ධනයේ සිට දහතුන් වසරක පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවකුට ම විවර ව තිබිය යුතුයි. පුද්ගල හා සමාජ පරිවර්තනයක් සිදු කිරීම අධ්‍යාපනයේ මුඛ්‍ය අරමුණක් කර ගැනීම ඉතා වැදගත්.

ජනතාව ඉල්ලා සිටින සමාජ පරිවර්තනය සිදු කිරීම වෙනුවෙන් පරිවර්තනීය අධ්‍යාපන වෙනස සිදු කිරීම හරහා මෙරට දරුවන්ට නව ලෝකයට විවෘත වීමට අවස්ථා විවර කර දීමට අපේ රජය ක්‍රියා කරනවා. සමාජයට වගකියන පුරවැසියකු බිහි කරගැනීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සෑම ප්‍රතිපාදනයක් ම අපි සලකන්නේ රටේ ඉදිරි ආයෝජනයක් ලෙසයි. දිගුකාලීන ප්‍රතිලාභ හිමි මෙම සංකීර්ණ ක්‍රියාවලිය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙනවා..” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

  1. අපොස උ/පෙ පමනක් නෙවෙයි, සා/පෙ ළමයි පාසැල් යන එක 25% ටත් වඩා අඩු වෙලා. මොකද ඒ පන්ති වලට උගන්වන්න පුලුවන් ගුරුවරුන් එන්නේ නැහැ. අනෙක එන ගුරුවරුත් උගන්වන්නේ නෑ. මේ ගැන පාසැල් ප්‍රධානීන් දැනුවත්. ඒ වගේම අධ්‍යාපන බලධාරීනුත් දැනුවත්. කවදාවත් මේකට පියවර ගන්නේ නෑ.
    අනේද කියන්නේ මේ පාහර වැඩේට දැන් ඉන්න අධ්‍යාපන නියෝජ්‍ය ඇමතියත් හවුල්. පළවෙනියට ඌව පන්නන්න ඕනෑ.

  2. හේතුව හොයාගෙන ඒකට විසදුම් දීම දැන් එයාලගෙ වගකීම.ඒකට අවශ්‍ය බලය අවුරුදු 5 කට ඕනාවටත් වඩා දීල තියෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49