උතුරු පළාතේ ස්ථාන කිහිපයක මහවිරු ගුණ සැමරුම්

උතුරු පළාතේ ස්ථාන කිහිපයක අද(27) සවස මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වු බව උතුරු පළාතේ ජනතාව පවසති.

මුලතිව්,යාපනය,මන්නාරම,කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක එලෙස මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්විණ.මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීමට ආරක්ෂක අංශවලින් විවිධ බාධා එල්ල වුවද යුද්ධයෙන් මියගිය තමන්ගේ ඥාතීන් සිහි කිරීම එහිදි සිදුකළ බවද උතුරේ ජනතාව පැවසූහ.

උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශාපාලන පක්ෂ නියෝජිතයින්ද යුද්ධයේ මියගිය ඥාතීන් සැමරීම සිදුකළ බව සමාජ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කොට තිබිණ.යුද්ධයෙන් මියගිය එල්.ටි.ටි සාමාජිකයින් සැමරීමේ මහවිරු සැමරුම සෑම වසරකම නොවැම්බර් මස 27 වැනිදා සවස 6.05 ට පැවැත්වීම සාමාන්‍ය සාම්ප්‍රදායයි.

එල්.ටි.ටි සංවිධානය ක්‍රියාකාරීව පැවැති අවධියේ උතුරු පළාතේ පිහිටි මහවිරු සොහොන් ආශ්‍රිතව එවකට එල් ටි ටි නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් පැවැත්වූහ.

යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සිහි කරමින් මහවිරු ගීත ප්‍රචාරය කොට,මියගිය එල් ටි ටි සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ගෞරවය පිරිනැමීම එහිදි සිදුවිණ.

කිලිනොච්චිය කනගපුරම්,මුලතිව් මල්ලාවි,යාපනය කෝපායි,වවුනියාව ඊච්චන්කුලම,මන්නාරම වෙඩිතලතිව් යන මහවිරු සොහොන් කේන්ද්‍ර කර ගනිමින් එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරීව පැවැති අවස්ථාවේ මහත් ඉහළින් මහවිරු සැමරුම් වැඩසටහන් පැවත්විණ.

යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල් ටි ටි ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම පැවැත්වීම ආරම්භ කොට ඇති අතර, 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ පළමු මහවිරු සැමරුම් වැඩසටහන පවත්වා ඇති බව උතුරේ වැසියන් පවසති.

image 100
image 101
image 103
image 102
image 104

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?