උතුරු පළාතේ ස්ථාන කිහිපයක මහවිරු ගුණ සැමරුම්

උතුරු පළාතේ ස්ථාන කිහිපයක අද(27) සවස මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වු බව උතුරු පළාතේ ජනතාව පවසති.

මුලතිව්,යාපනය,මන්නාරම,කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක එලෙස මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්විණ.මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීමට ආරක්ෂක අංශවලින් විවිධ බාධා එල්ල වුවද යුද්ධයෙන් මියගිය තමන්ගේ ඥාතීන් සිහි කිරීම එහිදි සිදුකළ බවද උතුරේ ජනතාව පැවසූහ.

උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශාපාලන පක්ෂ නියෝජිතයින්ද යුද්ධයේ මියගිය ඥාතීන් සැමරීම සිදුකළ බව සමාජ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කොට තිබිණ.යුද්ධයෙන් මියගිය එල්.ටි.ටි සාමාජිකයින් සැමරීමේ මහවිරු සැමරුම සෑම වසරකම නොවැම්බර් මස 27 වැනිදා සවස 6.05 ට පැවැත්වීම සාමාන්‍ය සාම්ප්‍රදායයි.

එල්.ටි.ටි සංවිධානය ක්‍රියාකාරීව පැවැති අවධියේ උතුරු පළාතේ පිහිටි මහවිරු සොහොන් ආශ්‍රිතව එවකට එල් ටි ටි නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් පැවැත්වූහ.

යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සිහි කරමින් මහවිරු ගීත ප්‍රචාරය කොට,මියගිය එල් ටි ටි සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ගෞරවය පිරිනැමීම එහිදි සිදුවිණ.

කිලිනොච්චිය කනගපුරම්,මුලතිව් මල්ලාවි,යාපනය කෝපායි,වවුනියාව ඊච්චන්කුලම,මන්නාරම වෙඩිතලතිව් යන මහවිරු සොහොන් කේන්ද්‍ර කර ගනිමින් එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරීව පැවැති අවස්ථාවේ මහත් ඉහළින් මහවිරු සැමරුම් වැඩසටහන් පැවත්විණ.

යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල් ටි ටි ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම පැවැත්වීම ආරම්භ කොට ඇති අතර, 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ පළමු මහවිරු සැමරුම් වැඩසටහන පවත්වා ඇති බව උතුරේ වැසියන් පවසති.

image 100
image 101
image 103
image 102
image 104



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42