උත්සව සමයට විශේෂ ආරක්ෂාවක් -මහජනතාවටත් දැනුම්දීමක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් කොළඹ ද ඇතුලුව දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

උත්සව සමයේ ජනතාව ඒකරාශී වන දේවස්ථාන මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථාන වෙත සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් ද ඇතුලුව පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැට කපන්නන් වාහන සොරකම්වල නිරතවන පුද්ගලයන් ව්‍යාජ මුදල් නෝට්ටු හුවමාරු කරන්නන් සොයා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

බස්නාහිර පළාත ද ඇතුලුව හඳුනාගත් නගරවලට වෙනත් පළාත්වලින් ද නිලධාරීන් කැඳවා ආරක්ෂාව සඳහා යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

නත්තල් දිනයේ දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන වෙත අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් විමසීමක් සිදු කර එය ලබාදීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.

විශේෂයෙන් උත්සව කාලසීමාව තුල බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ද විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා.

සියලු පොලිස් කොට්ඨාශ ආවරණය වන ආකාරයෙන් මත්පැන් පානය කර රිය ධාවනය කරන පුද්ගලයන් පරීක්ෂා කිරීමට අවශ්‍ය උපකරණ ද ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කිසියම් අයෙක් බීමත්ව රිය ධාවනය කරන්නේ නම් එය නතර කිරීමට වාහනයේ ගමන් කරන අනෙක් පුද්ගලයන්ට ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර මෙම වසරේ පසුගිය 16 වනදා දක්වා රිය අනතුරු 19033ක් සිදුවී ඇති අතර එම අනතුරුවලින් පුද්ගලයන් 2389ක් මරණයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අදාළ කාලය තුල මාරක රිය අනතුරු 2278ක් වාර්තාවී ඇති අතර පොලිසියට වාර්තා වූ බරපතල රිය අනතුරු සංඛ්‍යාව 4979ක්. එමෙන්ම මෙම කාලසීමාව තුල පොලිසියට වාර්තා වී ඇති අතර සුළු රිය අනතුරු සංඛ්‍යාව 7611ක් වන අතර අලාභ පමණක් සිදුවී ඇති රිය අනතුරු සංඛ්‍යාව 4165ක්. බීමත් රියදුරන් 22320ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර උත්සව සමයේ දියේ ගිලීමෙන් සිදුවන අනතුරු ද වැඩි බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. පසුගිය 2021 වසරේදී පමණක් දියේ ගිලීම් හේතුවෙන් පුද්ගල මරණ 622ක් සිදුව තිබෙනවා.

ඉන් 540ක් පිරිමි පුද්ගලයන්. මෙම වසරේ සැප්තැම්බර් මස 30 වනදා වන විට පමණක් දියේ ගිලීම් හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 556ක්.

මෙම මියයාම්වලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ උත්සව සමයන්වලදී බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙවර උත්සව සමයේදී ගම්බද ප්‍රදේශ ද ඇතුලුව විවිධ ප්‍රදේශවල පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කිරීම් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට පොලිසිය ඉල්ලා සිටිනවා.

විවිධ ආකර්ෂණීය වට්ටම් ලබාදෙමින් මෙවැනි භාණ්ඩ අලෙවි කරන බවයි නිහාල් තල්දූව මහතා පෙන්වා දෙන්නේ. එවැනි වංචාවලට හසුනොවන ලෙසට සහ ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට ද ඉල්ලීමක් කෙරෙනවා.

උත්සව සමයේ ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙලට පොලිසියට මහජන සහාය ලබාදෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15