උඩරට වෙස් නැටුමේ රන් සලකුණක් තැබූ පීටර් සූරසේන අභාවප්‍රාප්ත වෙයි

මෙරට සුවහස් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් උඩරට වෙස් නැටුම් සම්ප්‍රදායෙන් කෙළ පැමිණි ප්‍රවීණයෙකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ නර්තනවේදී පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (25) පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 85 හැවිරිදි වියෙහි පසුවුණා.

වයස්ගත ව කෙටි කලක් ඒ මහතා රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදියි මෙලෙස අද දිනයේ දී දිවි රඟමඬලින් සමුගත්තේ.

වර්ෂ 1940 ජනවාරි මස 13 වැනිදා මහනුවර හඟුරන්කෙත – අරුප්පල ප්‍රදේශයේ දී මෙලොව එළිය දුටු ප්‍රවීණ නර්තනවේදියා සිය මූලික අධ්‍යාපනය අරුප්පල ධර්මාශෝක විද්‍යාලයෙන් අවසන් කරනවා.

අට හැවිරිදි වියෙහි පසුවන විට හෙතෙම නර්තන ශිල්පය හැදෑරීමට ඔහුගේ පියා සමග මහනුවර – අමුණුගම සුරඹා ගුරුන්නාසේ සම්මුඛයට පමුණුවන අතර එහිදී ඔහු දැක්වූ සුවිශේෂී නර්තන දක්ෂතා හේතුවෙන් කැපී පෙනෙන ශිෂ්‍යයෙකු ලෙසටයි හැඳින්වූයේ.

ඉන් අනතුරුව සුරඹා ගුරුන්නාසේගේ මගපෙන්වීම මත මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැරට පීටර් සූරසේන විශිෂ්ටයාණන් එක්වන අතර එහිදී ද ඔහු පළමුව එක්වන්නේ මාලිගාවේ දේවාල පෙරහැරටයි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ දී නිශ්ශංක විජේරත්න දියවඩන නිලමේවරයා විසින් සූරසේන නර්තනවේදියාගේ කුසලතාව ගැන පැහැදී දියවඩන නිලමේවරයාගේ දෙපසින් යන නැටුම් කණ්ඩායමේ දකුණුපස ප්‍රධානියා ලෙස පීටර් සූරසේන ව තෝරාගත්තා.

ජනාධිපති ඩී.බී විජේතුංග මහතා විසින් ද “ශ්‍රී ලංකා තිලක” ගෞරව නාමයෙන් මෙම සුවිසල් නර්තන ශිල්පියා ව ගෞරයට පාත්‍ර කර තිබීම ද විශේෂත්වයක්.

වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස රටවල් 80ක සංදර්ශන පවත්වා ඇති අභාවප්‍රාප්ත පීටර් සූරසේන මහතා ශ්‍රී ලංකා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ප්‍රධාන වෙස් නැටුම් ශිල්පියා ද වුණා.

1970 වර්ෂයේ දී රජයේ ගුරු සේවයට එක්වන පීටර් මහතා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, හික්කඩුවේ ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ ද හිටපු නර්තන ගුරුවරුයායි.

දිවංගත සුමනා උඩගෙදර මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන මෙම විශිෂ්ටයා දරුවන් පස්දෙනෙකුගේ පියෙක්.

වර්ෂ 1958 සිට 64 වසරක් දළදා මාලිගාවේ පෙරහැරේ වෙස් නැටුම් ශිල්පියා ලෙස කටයුතු කරමින් දෙස් – විදෙස් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පීටර් සූරසේන ප්‍රවීණ නර්තනවේදියාණනි; ඔබට සුව නින්දක්!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32