ඊයේ ක්‍රිකට් තරඟය ගැන මැකෝ කියන කථාව

ඊයේ පැවති ටී ටුවෙන්ටි තරගයෙන් පසු බොහෝ දෙනා එම තරගයේ විනිසුරුවරයා විසින් ලබා නොදුන් වයිඩ් පන්දුව පිළිබද බොහෝ දේ මුහුනුපොතේ පල කලා.ඇතැමුන් අයි.සී.සී ට පව චෝදනා කරමින් දරුණු වාග් ප්‍රහාර එල්ල කල නමුත් ඇතැමුන් නම් ඉතා සංයමයෙන් සිහින් වචන ප්‍රහාර වලින් එම විවේචනයන් සිදු කලා.


ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම සුන්දර මිනිසෙක් වගේම හිටපු රාජ්ය සේවකයෙක් වුන මහින්ද දේශප්‍රිය මහත්තයත් ඒ ගැන මුහුනුපොතේ සටහනක් යොදලා තිබුනා.අපි හැමෝම දන්නවා මහින්ද දේශප්‍රියගේ වාග් මාලාව නම් දරුණු නැහැ…හරි ම කනට මිහිරි වදන් පවසන එතුමා මේ සිද්දිය ගැන කතා කලෙත් ඒ විදිහටම තමයි.


එම සටහන අපි මේ ලිපියට මේ විදිහට එකතු කරනවා.

මේ කතාව සම ලකුණු ගත් නැත්නම් ” හරි පොර ” වූ අද පැවති T ටුවෙන්ටියේ තරගයේ නොනිල වීරයා ලෙස සමහරු හඳුන්වන පන්දු හය ගණන් කිරීමේ නිරතවූ ⁣රො.ටකර තුමා ගැන නොවේ . මෙය මංජුල සේනාරත්න සහෘදයාගේ “දෙවන ගැහැණිය”” පොතේ තිබූ ⁣සංවාදයක් ඇසුරෙනි .

**** එක දවසක් කාක්කෙකුයි කොවුලෙකුයි එක ගහක ඉඳන් සිංදු ගායනා කරමින් හිටියලු . කාක්කා කිව්වලු මං තමයි හොඳටම සිංදු කියන්නෙ කියල. කොවුල කිව්වලු මං තමයි හොඳටම කියන්නෙ කියල. දැන් මේක තරගයක්ලු . ඔන්න ඉතිං මේ වෙලාවෙ ඌරෙක් ගහ යටින් යන්න ආවලු . අපි දෙන්නගෙන් හොඳට ගයන්නෙ කවුද කියල තෝරල දෙන්න කියල කාක්කා මේ ඌරට කිව්වලු .. ඉතිං ඌර තේරීම බාර විනිශ්චයකාරය වුණාලු .
කාක්කා ,කාක් කාක් ක්‍රෝ ක්‍රෝ කියල ගැයුවලු . කොවුලා ෂ්,ශ් ෂූ ශූ කියල ගැයුවලු . මේ ගැයුම් විනිශ්චය කරපු ඌර තමන්ගෙ තීරණය කිව්ලු ,.කාක්කා තමයි හොඳ .කාක්කා තමයි දිනුම් කියල. මේ තීරණය ගැන දුකට පත්වුණ කොවුල අඬන්න ගත්තලු . එතකොට ඌර කිව්වලු උ⁣ඹේ දුක මට තේරෙනවා ,පැරදුණාම දුක හිතෙනවා කියල . එතකොට කොවුල කිව්වලු මට දුක පැරදුණ එක නෙවෙයි ,ඌරෙක් ,මගේ තරගය විනිශ්චය කරපු එක කියල .
***** මෙය අද තරඟයට ආදේශ කළ නොහැක . මක්නිසාද යත් සූකරයා ට අපහාසයක් විය හැකි බැවිනි .

Screenshot 2022 02 14 070423


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51