ඉස්සෝ සුජිත්ගේ බැංකු ගිණුම් තහනම් කරයි

පානදුර ප්‍රසිද්ධ බැංකු දෙකක කෝටි 3ක සහ කෝටි 2ක ගිණුම් තහනම් කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අද (8) වැනිදා නියෝග කර තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ වෙසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන’ ඉස්සෝ සුජිත්’ යන අනවර්ථ නමින් හදුන්වන සුජිත් ද සිල්වා යන අයගේ සම්බන්ධතා ජාලය මත මෙහෙය වූ එම ගිණුම් තහනම් කිරීම සිදු කළ බව නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය පවසනවා.

2021 වසරේදී අගෝස්තු මස ගාල්ල මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් හෙරොයින් ග්‍රෑම් 212 මිලි ග්‍රෑම් 350ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8 මිලි ග්‍රෑම් 120ක් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී පානදුර ,පින්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගේ සහ ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන’ ඉස්සෝ සුජිත් ‘නැමැත්තෙකුගේ ගිණුම් බව අනාවරණය වී තිබෙනවා.

තවද දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින දමිත් සාමින්ද්‍ර පෙරේරා යන අයගේ ගිණුම්ද තහනම් කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරීවරයා විසින් නියෝග කරන ලදි.

එයට අමතරව මෙම ගිණුම් සම්බන්ධව තවත් සැකකරුවෙකු වන කොළඹ හේවගේ ප්‍රියන්තලාල් යන අයෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහුට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් නියෝගය මත මෙම නඩුවට අදාළව 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියම කර තිබෙනවා.

මෙම නඩුවට අදාළව මහාධිකරණය මගින් තහනම් කරන ලද ගිණුම් දීර්ඝ කිරීමට නියමිත බව නීති විරෝධි වත්කම් විමර්ශන කාර්යංශය පවසයි.

හඳුනානොගත් අප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඉතාම කෙටි කලකදී විශාල මුදලක් උපයා ගෙන ඇති අතර පෞද්ගලික බැංකු කළමනාකරුවන්ද නොමග යවමින් ඇස් වසා මෙම මුදල් තැන්පත් කර ඇති බව විමර්ශන වලදී හෙළි වූ බව නිති විරෝධි වත්කම් විමර්ශන ඒකකය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51