Empty Ad
AFC Banner
Empty Ad

ඉස්ලාම් බැතිමතුන්ට සෞදියෙන් රටඉඳි කිලෝ 50,000ක් (ඡායාරූප)

රාමසාන් කාලසීමාවේ දී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රටඉඳි කිලෝග්‍රෑම් 50,000ක් පරිත්‍යාග කර තිබෙනවා.

අද (27) පෙරවරුවේ මෙම පරිත්‍යාගය කොළඹ දී සිදු කෙරුණේ; ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත යි.

මෙම අවස්ථාවට විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක් වුණා.

සෞදි අරාබි රජය විසින් සිය මිත්‍ර රටවල් සඳහා රටඉඳි තොග ප්‍රදානය කිරීම් වාර්ෂිකව සිදු කරන්නක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?