ඉස්ලාම් බැතිමතුන්ට සෞදියෙන් රටඉඳි කිලෝ 50,000ක් (ඡායාරූප)

රාමසාන් කාලසීමාවේ දී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රටඉඳි කිලෝග්‍රෑම් 50,000ක් පරිත්‍යාග කර තිබෙනවා.

අද (27) පෙරවරුවේ මෙම පරිත්‍යාගය කොළඹ දී සිදු කෙරුණේ; ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත යි.

මෙම අවස්ථාවට විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක් වුණා.

සෞදි අරාබි රජය විසින් සිය මිත්‍ර රටවල් සඳහා රටඉඳි තොග ප්‍රදානය කිරීම් වාර්ෂිකව සිදු කරන්නක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
2019යේ පාස්කු ප්‍ර#රය වුණේ නැත්තම් සජිත් ජනාධිපතිවරණය දිනනවා..
06:32
Video thumbnail
සත්‍යග්‍රහයට මහ රෑම සුගීෂ්වර, අනුරාධා ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම එයි
01:22
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23