ඉරාන නැව්වලට පහසුකම් දුන් හේතුව සහ ඉදිරි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා-ඉන්දු විදෙස් ඇමතිවරු පහදයි

දිවයිනේ දකුණු වෙරළට ඔබ්බෙන් බේරාගත් ඉරාන නාවිකයන් නැවත සිය රටට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට සහ අන්තර්ජාතික නීතියට අනුකූලව කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ‘රයිසිනා’ සංවාද සංසදයේ දී මේ සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ මෙම කාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාව ස්ථාපිත අන්තර්ජාතික නීති රාමු අනුගමනය කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ දී එක්සත් ජනපද සබ්මැරීනයක් ඉරාන නෞකාවක් ගිල්වා දැමීමෙන් පසු තවත් ඉරාන නෞකාවකට ඉන්දියාව තුළ නැංගුරම්ලෑමට අවසරය ලබාදීමට ඉන්දියාව ගත් තීරණය පිළිබදව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංක මෙම සංවාද සංසදයේ දී අදහස් දක්වා සිටියා.

එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම තීරණය, “ඉන්දියානු සාගරයේ යථාර්ථයේ” කොටසක් ලෙස කලාපයේ විදේශීය හමුදා පහසුකම් දිගු කලක් පැවතීම බවයි පෙන්වා දුන්නේ.

“ඒ අවස්ථාවේ අපගේ දේශසීමාවලට ආසන්නව තිබූ නෞකාවක් අපගේ වරායට පැමිණීමට අවශ්‍ය බවට ඉරාන පැත්තෙන් අපට පණිවිඩයක් ලැබුණා. ඔවුන් ගැටළු ඇති බව වාර්තා කරමින් සිටියා. මාර්තු 01 වන දින, අපි ඔබට ඇතුළට එන්න පුළුවන් යැයි කීවා, ඔවුන්ට යාත්‍රා කිරීමට දින කිහිපයක් ගත වූ අතර පසුව ඔවුන් කොචි හි නැංගුරම් ලා ගත්තා. තරුණ කැඩෙට් භටයින් පිරිසක් හිටියා. නැව් පිටත් වූ විට සහ ඔවුන් මෙහි පැමිණි විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.” යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තත්ත්වට පැහැදිලි කළා.

“ශ්‍රී ලංකාවේදීත් එවැනිම තත්ත්වයක් ඇති වූ බව පැහැදිලියි, ඔවුන් තීරණයක් ගත්තා, එය ඔවුන් කළා, අවාසනාවකට එක් නැවකට එය කළේ නැහැ. නීතිමය ගැටළු කුමක් වුවත්, අපි මනුෂ්‍යත්වයේ දෘෂ්ටි කෝණයෙන් තත්ත්වයට එළඹුණා, මම හිතන්නේ අපි නිවැරදි දේ කළා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

  1. මුස්ලිම් ත්‍රස්තවාදය ට ලොව ප්‍රජාතන්ත්‍රවාදය හා ජාත්‍යන්තර සම්මුති ඉදිරියට දමා බේරීමට ඉඩ නොතබනු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42