ඉරානය ඊශ්‍රායලයට එරෙහි 48 වන ප්‍රහාර රැල්ලක් දියත් කරයි

ඊශ්‍රායලයට එරෙහිව 48 වන ප්‍රහාර රැල්ල දියත් කර ඇති බව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය පවසන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්ලාමීය ජනරජ ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමඟ සමගාමීව මෙම ප්‍රහාර දියත් කර ඇති බවයි.

මේ අතර බටහිර ඉරානයේ කොටසක් සඳහා ඊශ්‍රායල හමුදාව ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

බටහිර ඉරාන නගරයක් වන ටැබ්‍රිස් හි කාර්මික ප්‍රදේශයක සිටින පුද්ගලයින්ට ඊශ්‍රායල හමුදාව මෙලෙස ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නම් කරන ලද කලාපය දැක්වෙන සිතියමක් සමඟ ඉදිරි පැය කිහිපය තුළ මෙම ප්‍රදේශයේ ක්‍රියාකාරී වනු ඇති බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

මෙම ප්‍රහාර ඉරාන රජයේ හමුදා යටිතල පහසුකම් ඉලක්ක කරගත් ටෙහෙරානයේ මෑත කාලීන ක්‍රියාමාර්ගවලට සමාන වනු ඇති බවයි ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

එහි රැඳී සිටීම ජීවිත අවදානමට ලක් කළ හැකි බවට අනතුරු අඟවමින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා එම ප්‍රදේශයෙන් වහාම ඉවත්වන ලෙසයි ඉරාන ජනතාවට දැනුම් දෙන්නේ.

  1. මේ මිනිස්සු මනුශ්‍යන් ලෙස ඉපදුනේ මොකටද මන්දා. සොයාගැනීම් සිදුකරන්නේ මරන්න. ලෝකය විනාශ කරන්න. මිනිස්සුන්ට දුක් ගින්දර දෙන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11