ඉරානයේ සන්නද්ධ හමුදාවලට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ඉරානයේ සන්නද්ධ හමුදාවල නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් අබ්දොල්රහිම් මවුසාවි පත් කර තිබෙනවා.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් මෙම නව පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එරට සන්නද්ධ හමුදාවල නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ මොහොමඩ් බගරි ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර වලින් ඝාතනය වීමත් සමඟ මෙම නව පත් කිරීමට සිදුකර තිබෙනවා.

එමෙන්ම ජෙනරාල් ගොලමලි රෂීඩ් ඝාතනයෙන් පසු, කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස මේජර් ජෙනරාල් අලි ෂඩ්මානි පත් කර ඇති බවයි වාර්තා වුණේ.

මීට අමතරව ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් ජෙනරාල් හොසේන් සලාමි ඝාතනයවීමත් සමඟ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකායේ (IRGC) නව අණදෙන නිලධාරියා ලෙස මේජර් ජෙනරාල් මොහොමඩ් පක්පූර් පත කිරීමටයි කටයුතු කර ඇත්තේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40