ඉරානයේ රැළියක් අතරතුර සිදු වූ අනතුරකින් පිරිසක් ජීවිතක්ෂයට

ඉරාන රජයට සහය පළ කරමින් සංවිධානය කර තිබූ රැළියකට, අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් කඩා වැදීමෙන් ඊයේ (01) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් පුද්ගලයන් දසදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම මෝටර් රථය අධික වේගයෙන් පැමිණ එක් වාහනයක ගැටී, පාලනයෙන් ගිලිහී ගොස්, අනතුරුව ආරක්ෂක වැටවල් සහ රථවාහන සංඥා පුවරුවලද ගැටී, පසුව මෙම පිරිස වෙත කඩා වැදුණු බව, අදාළ සිදුවීම සිදුවූ ප්‍රදේශයේ ප්‍රධාන රථවාහන පොලිස් ප්‍රධානීවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එහි ගමන් ගත රියදුරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම සිදුවීම පිටුපස දේශපාලන චේතනාවක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, බලධාරීන් මෙය රථවාහන අනතුරක් බවට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40