spot_imgspot_img

ඉන්දියාවේ ඉදි කරමින් පැවති පාලමක් කඩා වැටී 26ක් මරුට

ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයේ ඊසානදිග ප්‍රදේශයේ මිටියාවතක් හරහා ඉදිකරමින් තිබූ දුම්රිය පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔවුන් එම ව්‍යාපෘතියේ සේවය කරමින් සිටි කම්කරුවන් වන අතර අනතුරින් පසු තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මියන්මාරයට මායිම්ව ඉන්දියාවේ නැගෙනහිර දෙසින් පිහිටි මිසෝරාම් හි අගනුවර වන අයිස්වාල් සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි සයිරන්ග් නගරයේදී මෙම අනතුර සිදු වී තිබෙනවා.

එම ස්ථානයේ සිටි රාජ්‍ය ප්‍රවාහන අමාත්‍ය T J Lalnuntluanga පැවසුවේ මළ සිරුරු 26ක් සොයාගෙන ඇති අතර සහන කණ්ඩායම් විසින් අතුරුදන් වූවන් සොයමින් සිටින බවයි.

ඉදිකිරීම් භූමියට ආසන්න ගම්මානයක ජීවත් වූ ජනතාව තුවාල ලැබූ කම්කරුවන් බේරාගෙන රෝහල් ගත කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අනතුරින් මියගිය අයගේ ළඟම ඥාතීන්ට රජය ඉන්දීය රුපියල් 200,000 (ඩොලර් 2,400) පමණ ගෙවන බව වාර්තා වනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර විපතට පත් වූවන්ට හැකි සෑම ආධාරයක්ම ලබා දී ඇති බවයි අගමැති නරේන්ද්‍ර මෝදිගේ කාර්යාලය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?