ඉන්දියාවේ ඉදි කරමින් පැවති පාලමක් කඩා වැටී 26ක් මරුට

ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයේ ඊසානදිග ප්‍රදේශයේ මිටියාවතක් හරහා ඉදිකරමින් තිබූ දුම්රිය පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔවුන් එම ව්‍යාපෘතියේ සේවය කරමින් සිටි කම්කරුවන් වන අතර අනතුරින් පසු තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මියන්මාරයට මායිම්ව ඉන්දියාවේ නැගෙනහිර දෙසින් පිහිටි මිසෝරාම් හි අගනුවර වන අයිස්වාල් සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි සයිරන්ග් නගරයේදී මෙම අනතුර සිදු වී තිබෙනවා.

එම ස්ථානයේ සිටි රාජ්‍ය ප්‍රවාහන අමාත්‍ය T J Lalnuntluanga පැවසුවේ මළ සිරුරු 26ක් සොයාගෙන ඇති අතර සහන කණ්ඩායම් විසින් අතුරුදන් වූවන් සොයමින් සිටින බවයි.

ඉදිකිරීම් භූමියට ආසන්න ගම්මානයක ජීවත් වූ ජනතාව තුවාල ලැබූ කම්කරුවන් බේරාගෙන රෝහල් ගත කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අනතුරින් මියගිය අයගේ ළඟම ඥාතීන්ට රජය ඉන්දීය රුපියල් 200,000 (ඩොලර් 2,400) පමණ ගෙවන බව වාර්තා වනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර විපතට පත් වූවන්ට හැකි සෑම ආධාරයක්ම ලබා දී ඇති බවයි අගමැති නරේන්ද්‍ර මෝදිගේ කාර්යාලය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06