ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට හිමිවන ශිෂ්‍යත්වවලට අදාළ තොරතුරු නිකුත් කෙරේ

ඉන්දීය රජය විසින් පිරිනමනු ලබන විවිධ ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

2023/24 අධ්‍යයන වර්ෂය සඳහා නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ පශ්චාත් උපාධි (PhD) ශිෂ්‍යත්ව 05ක් පිරිනමා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන්දීය රජය 2023/24 අධ්‍යයන වර්ෂය සඳහා මවුලානා අසාද් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය/නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ පශ්චාත් උපාධි (මාස්ටර්) ශිෂ්‍යත්ව 55ක් ද පිරිනමා තිබෙනවා.

මේ අතර, 2023/24 අධ්‍යයන වර්ෂය සඳහා නේරු අනුස්මරණ/රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ උපාධි අපේක්ෂක ශිෂ්‍යත්ව 95ක් පිරිනමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ශ්‍රී ලාංකිකයන් 200 කට ආසන්න පිරිසකට මෙලෙස පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව හිමිවන අතර කීර්තිමත් ඉන්දියානු ආයතන සහ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා මෙම අධ්‍යයන අවස්ථා හිමිවනවා.

කෙසේවෙතත් වෛද්‍ය/පරිපූරක වෛද්‍ය, විලාසිතා නිර්මාණ සහ නීති පාඨමාලා මේ සඳහා ඇතුළත් වන්නේ නැහැ.

මෙම ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට තම අයදුම්පත් ලබන මාර්තු මස 08 හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන යෝජනා ක්‍රම:

1) නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය: මෙම යෝජනා ක්‍රමය ඉංජිනේරු, විද්‍යාව, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, වාණිජ, මානව ශාස්ත්‍ර සහ කලා වැනි විවිධ වසම්වල උපාධි/පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා ආවරණය කරයි.

2) මවුලානා අසාද් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය: ඉංජිනේරු, විද්‍යා සහ කෘෂිකර්ම පාඨමාලා සඳහා මනාප ඇති ශාස්ත්‍රපති උපාධි පාඨමාලා.

3) රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය: විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා, ඉංජිනේරු උපාධියක් සහ තාක්ෂණවේදී උපාධියක් කරා යොමු කරයි.

ඉහත සෑම යෝජනා ක්‍රමයක්ම පාඨමාලාවේ මුළු කාලය සඳහාම සම්පූර්ණ උපකාරක ගාස්තු, මාසික ආහාර දීමනාව සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදාන ද ආවරණය කෙරෙනවා.

මීට අමතරව, ඉන්දියාවේ ආසන්නතම ගමනාන්තයට ගුවන් ගාස්තු සහ රටේ විවිධ ප්‍රදේශවලට අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික ප්‍රදානයක්, වෙනත් අමතර ප්‍රතිලාභ කිහිපයක් ද පිරිනැමෙනවා.

තෝරාගත් අපේක්ෂකයින්ට අදාළ විශ්ව විද්‍යාල තුළ නේවාසිකාගාර පහසුකම් ද ලබා දෙනු ඇති.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ඉන්දියානු රජය දක්ෂ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් තෝරා ගැනීමට නියමිතයි.

අපේක්ෂකයින් තෝරා ගැනීම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සිදු කෙරෙන අතර අමාත්‍යාංශයේ www.mohe.gov.lk වෙබ් අඩවියෙන් අවශ්‍ය විස්තර ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මෙම ශිෂ්‍යත්ව සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සුදුසුකම්, නිර්ණායක සහ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව වැඩිදුර දැන ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, කොළඹ හෝ අධ්‍යාපන අමාත්‍යාංශය අමතන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

අදාළ උපාධි සම්බන්ධ සියලු තොරතුරු පහතින්

Indian PhD

Indian Masters

Indian UG(Nehru & Rajiv)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17