spot_imgspot_img

ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලෙන් වැටී පෙදරේරුවා මරුට

පානදුර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක සිව්වන මහලින් ඇද වැටී පුද්ගලයකු මියගොස් තිබෙනවා.

පානදුර උතුර පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ නවගමුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු බවයි.

ඔහු සංචාරක හෝටලයක ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක පෙදරේරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී මෙලෙස ඇද වැටී ඇති බව සඳහන්.

බරපතල තුවාල ලබා සිටි මෙම පුද්ගලයා රෝහල් ගත කරන විට ද මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියාසිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?