සසුනට දරුවන් පූජා කළ මව්පියන්ට නිවාස තනාදීමේ වැඩසටහන අදින් ඇරඹේ

ස්ථිර නිවසක් නොමැති, සිය දරුවන් සම්බුද්ධ ශාසනයට පූජා කළ මව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද (19) දිනයේ දී ආරම්භ වනවා.

එහි එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් වෙන් කෙරෙනවා.

නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ සමාරම්භය බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කිරීමට නියමිතයි.