20 වන ආසියානු ක්‍රීඩා උළෙල අදින් (19) ඇරඹෙන අතර එය ඔක්තෝබර් 04 වන දින දක්වා ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) නගරයේ දී පැවැත්වෙනවා.
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද (19) රාත්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.
රුමේෂ් තරංග තරග වදින, හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගය ලබන 26 වැනිදා පැවැත්වෙනවා.
මේ අතර, පසුගිය දා ගුවන් ගමන අතරතුර දී හානි වූ රුමේෂ්ගේ හෙල්ල කට්ටලය වෙනුවට, ක්‍රීඩා අමාත්‍යාංශය හරහා රුමේෂ්ට ලැබෙන විශේෂ හෙල්ල කට්ටලය (javelin set) ජපානයට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.













