ඉතිහාසගත වූ ශුභාන්ෂු ශුක්ලා ඇතුළු පිරිස යළි පෘථිවියට ඒමට ගමන් අරඹයි

ඉන්දියානු අභ්‍යවකාශ ඉතිහාසය රන් අකුරින් ලියූ ශුභාන්ෂු ශුක්ලා හා ඇක්සියම් 4 කාර්‍යය මණ්ඩලය යළිත් පෘථිවියට පැමිණීමට ගමන් ආරම්භ කර තිබෙනවා.

හින්දුස්තාන් වෙබ් අඩවිය වාර්තා කළේ, ශුක්ලා ඇතුළු පිරිස රැගත් ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය පැය 22ක ගුවන් ගමනක නිරත වන බවයි.

මෙම අභ්‍යවකාශගත වූ කාර්‍යය මණ්ඩලයට ඉන්දීය ගගනගාමියා හැරුණුකොට පෝලන්තයේ ස්ලාවොස් උස්නාන්ස්කි- විෂ්නියෙව්ස්කි, හංගේරියානු ටිබෝර් කපු සහ ඇමරිකා එක්සත් ජනපදයේ පෙගී විට්සන් ඇතුළත්.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) දින 18 ක් රැඳී සිටීමෙන් පසු, ඉන්දියානු ගගනගාමියෙකු වන ශුභාන්ෂු ශුක්ලා සහ Axiom-4 අභ්‍යවකාශ මෙහෙයුමේ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා අද (14) ජාත්‍යන්තර වේලාවෙන් සවස 4.50 ට පමණ පෘථිවියට ආපසු ගමන ආරම්භ කළා.

මෙම ක්‍රියාවලියේ කිසිදු දෝෂයක් වාර්තා වී නැති බවත් පැවසෙනවා.

අභ්‍යවකාශ යානය Ax-4 කාර්ය මණ්ඩලය සමඟ කිලෝග්‍රෑම් 250කට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආපසු ගෙන එනු ඇති.

ඒ අතර උපකරණ සහ අත්හදා බැලීම් දුසිම් ගණනක සාම්පල ඇතුළත් බව එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුරටත් නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13