ඇමරිකාවේ හෙලිකොප්ටර් අනතුරකින් 9ක් මරුට

ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය හමුදා කඳවුරක් අසල පුහුණු මෙහෙයුමක් අතරතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් හමුදා සාමාජිකයින් 9 දෙනෙකු මිය ගිය බව නිලධාරීන් තහවුරු කළ අතර, එය සැබවින්ම ඛේදනීය පාඩුවක් බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළිවී නොමැති අතර සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් එක්සත් ජනපද හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ සාමාන්‍ය පුහුණු මෙහෙයුමක් අතරතුර HH60 Blackhawk හෙලිකොප්ටර් දෙකක් කඩා වැටුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?