ඇමරිකානු පීඩනය හමුවේ ඉරාන තෙල් නෞකා මෙරට මුහුදු කලාපයේ අතරමං වෙයි

ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් සැතපුම් 15ක් පමණ දුරින්, ඉරානයට අයත් තෙල් ප්‍රවාහන නෞකා 20ක් පමණ මේ වනවිට අතරමං වී ඇති බව වාර්තා වනවා.

ආහාර, ඉන්ධන සහ පානීය ජලය සපයා ගැනීමේ දැඩි ගැටළුවකට මුහුණ දී ඇති මෙම නෞකාවන් ඒවායේ එන්ජින් ක්‍රියා විරහිත කර එම මුහුදු සීමාවේ නවතාගෙන සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඉරානයේ තෙල් වෙළෙඳාමට සහාය දක්වන පාර්ශ්වයන්ට එරෙහිව එක්සත් ජනපදය දැඩි පීඩනයක් එල්ල කිරීම හේතුවෙන් අදාළ නෞකාවන්ට මෙලෙස ආහාර, ඉන්ධන සහ පානීය ජලය සපයා ගත නොහැකි තත්ත්වයක් මත ඔවුන් දැඩි අසීරුතාවකට මුහුණපා තිබෙනවා.

ඇමරිකානු සම්බාධකවලට හසුවෙතැයි බියෙන් ඇතැම් ශ්‍රී ලංකා සැපයුම්කරුවන් ද එම ඉරාන නෞකා වෙත සේවා සැපයීමට මැලිකමක් දක්වන බවයි වාර්තා වුණේ.

ඉරානය තම පාලනයට නතු කර ගැනීමේ අරමුණින් එක්සත් ජනපදය විසින් දියත් කර ඇති නව පීඩන වැඩපිළිවෙළේ වඩාත් කැපී පෙනෙන ප්‍රතිඵලය වන්නේ මෙම තත්ත්වයි.

සම්බාධකවලට ලක්වූ චීනය වෙත තෙල් ප්‍රවාහනය කිරීමේ වෙළඳාමට සම්බන්ධ වූ ඉරාන හෝ ඉරානය හා සම්බන්ධ නෞකා රැසක්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව එක්සත් ජනපදය විසින් නැවතත් අවහිරතා පැනවූ පසුගිය ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාව සහ මැලේසියාව වැනි ආසියානු රටවල් ආසන්න මුහුදු තීරයේ මෙලෙස අතරමංව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32