ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් පිරිසක් සේවයෙන් නෙරපන්න තීරණයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් මීට පෙර විමර්ශන කටයුතුවල නිරත වූ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් දුසිමකට වැඩි සංඛ්‍යාවක් සේවයෙන් පහ කර තිබෙනවා.

ඇමරිකානු නව ජනධිපතිවරයාගේ තීරණයකට අනුව වැඩබලන නීතිපති ජේම්ස් මැක්හෙන්රි මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පිරිසට ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය විශ්වාසවන්තව ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි වැඩබලන නීතිපතිවරයා පවසා ඇත්තේ.

ජනාධිපතිවරයාට පක්ෂපාත නොවන සේවකයින් රජයෙන් ඉවත් කිරීමට පරිපාලනයේ අධිෂ්ඨානය මෙම ක්‍රියාමාර්ගය මඟින් පිළිබිඹු කර බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් සංක්‍රාන්ති ලිංගික හමුදා සේවා සාමාජිකයින්ට අදාළ විධායක නියෝග තුනකට අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නිදහස් කරන ලද භට පිරිස් නැවත සේවයේ පිහිටුවීමට සහ විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීමේ වැඩසටහන්වලට අදාළ විධායක නියෝගවලට අත්සන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09