ඇමති ගාමිණී ලොකුගේ ගේ රියදුරාගේ මරණයට සම්බන්ධ එකම පවුලේ සිව්දෙනාට අත්වුණු ඉරණම මෙන්න

බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් ඇන පහර දී ඝාතනය කිරීමට සම්බන්ධ එකම පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 5 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ පිළියන්දල මාවිත්තර ගම්මාන – පාර පදිංචිව සිටි යුද හමුදාවේ විශ්‍රාමික කිමිදුම් සෙබල තනියප්පුලිගේ නන්දන තුෂාන්ත පිරිස් (52) ( පියා ) , තෙල් ගේ නිරෝෂණී රූපිකා පිරිස් ( මව) (46) ඔවුන් දෙපළගේ පුතුන් දෙදෙනා වන තනියප්පුලිගේ නිරෝෂ් නිලුපුල් පිරිස් (21) හා යුද හමුදා විශේෂ කාර්ය බලකායේ සේවය අත්හැර ගිය තනියප්පුලිගේ සමීර සම්පත් පීරිස් නොහොත් බොක්සර් (25) නැමැති එකම පවුලේ සිව් දෙනාය .

රිමාන්ඩ් භාරයට පත් සැකකාර නිරෝෂ් නිලුපුල් පිරිස් නැමැත්තා ඉකුත් 21 වෙනි දින ගම්මාන වත්ත පාර ප්‍රදේශයේ අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කිරීම සම්බන්ධව ඝාතනයට ලක්වූ මාවිත්තර ගම්මාන වත්ත පාර පදිංචිව සිටි කණිෂ්ක ගයාන් (41) දෙදරු පියා විසින් 21 හැවිරිදි සැකකරුට සෙමෙන් යතුරුපැදිය ධාවනය කරන ලෙස පැවසීම මුල්කරගෙන ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් අනතුරුව යතුරුපැදිකරුගේ පවුලේ අය තියුණු ආයුධ හා පොලු රැගෙන පැමිණ මරණකරුට පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

බරපතළ තුවාල ලද පුද්ගලයා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබූ බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

සැකකරුවන් සිව්දෙනා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙයිවල , කළුබෝවිල ගල්කිස්ස හා මාවිත්තර ප්‍රදේශ වලිනි

අපරාධය සඳහා යොදාගත් සුදු යකඩ කඩුවක් ,අපරාධ සිදු කිරීම සඳහා යොදාගත් පිහිය සහ බිඳී ගිය වීදුරු බෝතලයක කොටස් ද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් හා සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කළහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51
Video thumbnail
වන්දනා ගමනත් සුනු විසුණු කරමින් බස් රථය අළු කළ ගින්න
01:54


?