කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේ, අවසන් මහා තරගයේ සිය අසුන වෙන්කර ගැනීම වෙනුවනේ ශ්‍රී ලංකා කාන්තා කාණ්ඩයාම සහ පාකිස්තාන කාන්ත කණ්ඩායම අද (11) තරග බිමට පිවිසීමට නියමිතයි.
තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගයේ දී බංග්ලාදේශය පරාජයට පත්කරමින් ප්‍රබල ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසි අතර, ඉන්දීය කණ්ඩායම සමඟ අනිද්දා (13) දිනයේ පැවැත්වෙන අවසන් තරගයට පිවිසීමේ අරමුණෙන් අද (11) පාකිස්තානය සහ ශ්‍රී ලංකාව, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී තරග වැදීමට නියමිතව තිබෙනවා.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08.00ට ආරම්භ වනවා.













