ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය රෝෂණී දිසානායක පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ ඇය වෙත භාර දෙනු ලැබුවා.
ආචාර්ය රෝෂණී දිසානායක රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක (ශ්‍රී ලංකා පරිපාලන සේවය – විශේෂ ශ්‍රේණිය) ලෙසද කටයුතු කර තිබෙනවා.













