ආර්ථිකය යළි ගොඩගැනීමට රජය ගනු ලබන පියවර ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්ගේ ඇගයීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු වුණා.

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගනු ලබන පියවර මෙහි දී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක් වුණා.

කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදු කෙරෙන ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහි දී එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළා.

ගෝලීය ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, රතු මුහුදේ සිදු කෙරෙන නාවික මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් සහය වෙනුවෙන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ස්තූතිය පළ කර සිටියා.

හුති කැරළිකරුවන් සම්බන්ධයෙන් සෞදි අරාබියේ ස්ථාවරත්වයට සහාය පළ කරමින් ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී සිටින බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17