ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරුණා.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබුණා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතයි.

තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12
Video thumbnail
සාමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් උපහාර
02:33
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:07
Video thumbnail
අජිත් - වටගල පාර්ලිමේන්තුවේ පැටලෙයි..මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නෑ අපි
05:34
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24