ආබාධිත ශිෂ්‍යයෙක්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එරෙහිව පෙත්සමක්

ආබාධිතභාවයෙන් පෙළෙන හෙයින් තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දිය නොහැකි බව බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙන ඇති තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි ශිෂ්‍යයෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන පෙබරවාරි මස 24 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (17) කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 24 වැනිදා කැඳවන ලෙස යි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මනුෂ්‍ය අත්තනායක නමැති ශිෂ්‍යයෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ, තමන් බණ්ඩාරවල ධර්මපාල විද්‍යාලයේ තාක්ෂණ විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ආබාධිත ශිෂ්‍යයෙකු බව යි.

2024/2025 වර්ෂය සඳහා තාක්ෂණ උපාධිය හැදෑරීමට තමා අයැදුම්පතක් ඉදිරිපත් කළ ද ආබාධිත ශිෂ්‍යයන්ගේ කාණ්ඩය යටතේ තාක්ෂණ උපාධිය හැදෑරීමට ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරමින් එම ඉල්ලීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රතික්ෂේප කළ බවට ඔහු චෝදනා කර සිටිනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මෙම තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනු ලබනවා.

ඊට අමතරව, තාක්ෂණ උපාධිය හැදෑරීමට තමන්ට අවස්ථාව ලබා දෙන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ආබාධිත ශිෂ්‍යයන්ට අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා “ප්‍රතිපත්තියක්” සකස් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටීයා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42