spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුමේ විරෝධතා ඔන්ලයින් ගොනුකරන්න බැරි අයට නව ක්‍රමයක්

‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පුද්ගලිකව භාරදිය හැකි පරිදි අදාළ නිලධාරීන් දැනුම්වත් කර ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුව ඔන්ලයින් ක්‍රමයට අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කළ නොහැකි පුද්ගලයින්ට මෙම ආකාරයට සිය විරෝධතා භාරදිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ මෙන්ම අභියාචනා හෝ විරෝධතා ගොනුකිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා ක්‍රියාත්මක බවයි වැඩබලන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
26
+1
35
+1
7
+1
33
+1
19
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?