අවුරුදු 13ට වැඩි සියලුම දැරියන්ට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් දීමනාවක් (වීඩියෝ)

2026 වසරේ දී සිදුකරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වන ආරම්භක ප්‍රතිසංස්කරණයන් මෙම වසරේ දී ආරම්භභ කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පළමු ශ්‍රේණිය හා හයවන ශ්‍රේණිය සිට ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

එම ප්‍රතිසංස්කරණයේ දී විද්‍යාපීඨ  ප්‍රතිසංස්කරණය කරමින් එම පුහුණු විධිමත්කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැලපෙන ගුරුවරු නිර්මාණය කිරීමටද කටයුතු කරන බවයි ඇය පැවසුවේ.

වර්තමානයේ දී පවතිනුයේ සැළලිහිණි සංදේශය පැවති සමය දක්වා දිවෙන ශතවර්ෂ ගණනාවකට එහා දිවෙන ගුරු පුහුණුවක් බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරමින් පාසල් තුළ දරුවන්ට අවශ්‍යය යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන බවත්; දරුවන් පාසල් අතහැරයාමේ ප්‍රතිශතය අඩු කිරීම සඳහා ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අස්වැසුම වැඩසටහන මගින් දරුවන්ට දීමනාවක් ලබාදීමට ද වත්මන් රජය කටයුතු කර ඇති බවත් සිහිපත් කර සිටියා.

එමෙන්ම වයස අවුරුදු දහතුනට වැඩි සියලුම දැරියන්ට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පාසල් පද්ධතියට පමණක් නොව උසස් අධ්‍යාපනය වෙනුවෙන් ද ක්‍රියාත්මක කරන අතර අධ්‍යාපන ක්‍රමය තුළ පිරිමි දරුවන් රැඳෙන තත්ත්වයේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බැවින් නව විෂයන් එක්කරමින් සියලුම දරුවන් අධ්‍යාපන තුළ රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඇය පැවසුවා.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ‘ මැයෙන් අනුරාධපුර ජාතික තරුණසේවා සභාව ශ්‍රවණාගාරයේ දී පැවැති දිස්ත්‍රික් කාන්තා සුහද හමුවේ දී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළකළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54