දින 09ක් වයසැති බිළිඳියක් නීතියානුකූල නොවන ආකාරයට වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
28 හැවිරිදි සැකකාර කාන්තාව බිළිඳියගේ මව බවට අනාවරණය වී ඇති අතර, ඇය රුපියල් 360,000ක මුදලකට බිළිඳිය අලෙවිකිරීමට සැලසුම්කර තිබූ බවයි වාර්තා වන්නේ.
මිනුවන්ගොඩ, පන්සිල්ගොඩ ප්රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
මේ වනවිට මිනුවන්ගොඩ පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකාරිය ලබන සඳුදා (19) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.