AFC Banner
AFC Banner
Empty Ad

අරාබි මුහුදු තීරයෙන් ඇල්ලූ කිලෝ 350 ඉක්ම වූ මත්ද්‍රව්‍ය ගෙනා සැකකරුවන්ට එරෙහිව නියෝගයක්

පසුගියදා අරාබි මුහුදු ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 11දෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරුවන් අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදියි අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කරන බවත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එම කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කළේ.

පොහොර උර 30ක එම මත්ද්‍රව්‍ය තොගය බහා මෙම සැකකරුවන් විසින් ප්‍රවාහනය කර තිබූ බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබුණා.

සොයාගනු ලැබූ එම මත්ද්‍රව්‍ය තොගය ද අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?