අරාබි මුහුදු තීරයෙන් ඇල්ලූ කිලෝ 350 ඉක්ම වූ මත්ද්‍රව්‍ය ගෙනා සැකකරුවන්ට එරෙහිව නියෝගයක්

පසුගියදා අරාබි මුහුදු ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 11දෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරුවන් අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදියි අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කරන බවත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එම කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කළේ.

පොහොර උර 30ක එම මත්ද්‍රව්‍ය තොගය බහා මෙම සැකකරුවන් විසින් ප්‍රවාහනය කර තිබූ බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබුණා.

සොයාගනු ලැබූ එම මත්ද්‍රව්‍ය තොගය ද අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00