හිටපු ඇමති අනුර යාපාගේ නඩුවට අදාළ සැකකරුවෙකුට ඇප

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ නඩුවට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා.

එලෙස ඇප නියම කර ඇත්තේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු අලෙවි කළමනාකාරවරයෙකුටයි.

2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුරවලින් පීඩාවට පත් වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් මිලියන 6.1 අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

එම නඩුවේ තවත් සැකකරුවකු අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත්, මෙම සැකකරු පොදු දේපළ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ, අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55