spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම මඟ IMF සමඟ එක්ව යන ගමනයි – රංජිත් සියඹලාපිටිය

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟින් එක්ව යන ගමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙම ගමන කඩාකප්පල් කිරීමෙන් යළිත් පසුගිය වසරේ අගෝස්තු, සැප්තැම්බර් වැනි කාලවල පැවති දරුණු ආර්ථික අර්බුද තත්ත්වයට රට පත්විය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මාධ්‍යවෙත අද (24) අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ජනධිපතිවරයා මේ දිනවල සිදුකරන බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරය මෙරට ආර්ථිකය ප්‍රකෘත්තිමත් කිරීම සඳහා දැඩිලෙස ඉවහල්වන බවයි රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කලක් දුරස්ව තිබූ ජාත්‍යනතර සබඳතා යළි ශක්තිමත් කරගැනීම ශ්‍රී ලංකාව ප්‍රකෘත්තිමත් ආර්ථිකයක් කරා යන ගමනේ වැදගත් සාධකයන් බව පේනවා දුන් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා විසින් එම කටයුත්ත ඉතා මැනවින් ඉටුකරමින් සිටින බව ද සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?