අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමේ

ලොව ඉහළම සංචාරක ආකර්ෂණයන්ගෙන් යුත් පැරිසියේ අයිෆල් කුළුණ සේවක වර්ජනයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.

අයිෆල් කුළුණෙහි මුල්‍ය කටයුතු නිසි පරිදි කළමණාකරණය නොවීම, වියදම් අධිතක්සේරු කිරීම යන කරුණු පෙන්වා දෙමින් එහි වෘත්තීය සංගම් ඊයේ (19) දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මෙලෙස අයිෆල් කුළුණෙහි සේවකයින් වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දෙවන වරටයි.

එළඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට පෙර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු බවත් ඒ සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති වීම හේතුවෙන් නඩත්තු කටයුතු සිදුකිරීමට නොහැකි බව සේවකයන් පෙන්වා දෙනවා.

මෙවර ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් අගනුවර දී ජුලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත අතර උළෙල අතර තුර යළි සේවක වර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ද ඉඟි පල කර ඇති බව සඳහන්.

වසරකට අයිෆල් කුළුන නැරඹීමට මිලියන 7කට ආසන්න දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙන අතර ඊයේ (19) දින මෙලෙස කුළුණ වසා දැමීමෙන් සංචාරකයින් දහස් ගණනක් ආපසු හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර ප්‍රංශ අගනුවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන බැවින් පැරීසියට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යන අතර එම කාලසීමාව තුළ යළිත් වර්ජනයක් ආරම්භවීම සුදුසු තත්වයක් නොවන බව විචාරකයින් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17