අයිස් හොකී තරගය මැද සුපිරි ක්‍රීඩකයා ගෙළ කැපී ජීවිතක්ෂයට

එංගලන්ත ජාතික අයිස් හොකී ක්‍රීඩක ඇඩම් ජොන්සන් තරගයක් අතරතුර සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාත්‍රියේ නොටිංහැම් පැන්තර්ස් සහ ෂෙෆීල්ඩ් ස්ටීලර්ස් අතර පැවති අභියෝගතා කුසලාන තරගයක් අතරතුර දී ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වූ ඇඩම් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වන විට වෘත්තීය අයිස් හොකී ක්‍රීඩකයෙකු වූ ඇඩම් ජොන්සන් 29 හැවිරිදි වියේ පසු වුණා.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ස්කේට් එකකින් ගෙළ ප්‍රදේශයට වූ බරපතළ කැපුම් තුවාල ජොන්සන්ගේ මරණයට හේතු වී තිබෙනවා.

අනතුරෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇඩම්ට පරිපූරක වෛද්‍යවරයකු පැමිණ එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවයි ඔහු නියෝජනය කළ කණ්ඩායම වූ නොටින්හැම් පැන්තර්ස් කණ්ඩායම සඳහන් කළේ.

සිද්ධිය සිදුවන අවස්ථාව වනවිටත් එම තරගය නැරඹීමට 8000ක පමණ ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගණයට රැස්ව සිටි බව සඳහන්.

මේ අතර ඇඩම් ජොන්සන්ගේ මෙම හදිසි මරණයත් සමඟ එක්සත් රාජධානිය පුරා අද පැවැත්වීමට නියමිතව තිබූ හොකී තරඟ එලයිට් අයිස් හොකී ලීගය විසින් කල් දැමීමට කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41