spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයිස් හොකී තරගය මැද සුපිරි ක්‍රීඩකයා ගෙළ කැපී ජීවිතක්ෂයට

එංගලන්ත ජාතික අයිස් හොකී ක්‍රීඩක ඇඩම් ජොන්සන් තරගයක් අතරතුර සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාත්‍රියේ නොටිංහැම් පැන්තර්ස් සහ ෂෙෆීල්ඩ් ස්ටීලර්ස් අතර පැවති අභියෝගතා කුසලාන තරගයක් අතරතුර දී ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වූ ඇඩම් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වන විට වෘත්තීය අයිස් හොකී ක්‍රීඩකයෙකු වූ ඇඩම් ජොන්සන් 29 හැවිරිදි වියේ පසු වුණා.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ස්කේට් එකකින් ගෙළ ප්‍රදේශයට වූ බරපතළ කැපුම් තුවාල ජොන්සන්ගේ මරණයට හේතු වී තිබෙනවා.

අනතුරෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇඩම්ට පරිපූරක වෛද්‍යවරයකු පැමිණ එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවයි ඔහු නියෝජනය කළ කණ්ඩායම වූ නොටින්හැම් පැන්තර්ස් කණ්ඩායම සඳහන් කළේ.

සිද්ධිය සිදුවන අවස්ථාව වනවිටත් එම තරගය නැරඹීමට 8000ක පමණ ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගණයට රැස්ව සිටි බව සඳහන්.

මේ අතර ඇඩම් ජොන්සන්ගේ මෙම හදිසි මරණයත් සමඟ එක්සත් රාජධානිය පුරා අද පැවැත්වීමට නියමිතව තිබූ හොකී තරඟ එලයිට් අයිස් හොකී ලීගය විසින් කල් දැමීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?